සාගර සහ අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් අද (19) දිවයිනට පැමිණීමට නියමිතය.අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය ඉන්දියාවේ සහ මාලදිවයිනේ ද සංචාරය කිරීමට නියමිත බවය.ඒ අනුව අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය අද සිට එළැඹෙන 21 දක්වා මෙරට රාජ්‍ය නිලධාරීන් සහ හවුල්කරුවන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.