2026 ජූලි 27 සඳුදා, 16:41
නවතම පුවත්

“ටිංකර්” රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර !

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන්, හඳුන්වනු ලබන “ටිංකර්”, කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසූයේ සැකකරු හෙට (03) දක්වා පැය 24ක කාලයක් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියම කළ බවයි.

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ ඩුබායි පොලීසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඊයේ (02) අලුයම කටුනායක ගුවන්තොටුපොළට රැගෙන ඒ අතර ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකය ඔහු අත්අඩංගුවට ගෙන, පෑලියගොඩ පොලීසියට භාර දී තිබේ.

ඉන් අනතුරුව, සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, ඔහුව කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන විමර්ශනය කිරීමට නියම කරන ලදී.

36 හැවිරිදි නෙරංජන්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමක නියුක්ත කොච්චිකඩේ ශිරාන් ලෙස හඳුන්වනු ලබන පලනි ශිරාන් ග්ලෝරියන්ගේ ආශ්‍රිතයෙකි.

පොලීසියට අනුව, පසුගිය අගෝස්තු මස පෑලියගොඩ – ශ්‍රී ඥානරතන මාවතේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේදී සැකකරුවන්ට ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ චෝදනාද ඔහුට එල්ල වී ඇත. එම සිද්ධියේදී පුද්ගලයෙකු මරණයට පත් වූ අතර තවත් අයෙකුට බරපතල තුවාල සිදු වී තිබුණි.

ගිය වසරේ ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරන ලද අවස්ථාවේදී සැකකරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු ලෙසත් “ටිංකර්” නෙරංජන් කටයුතු කළ බව පොලීසිය සදහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories