පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යන අවස්ථාවේදී සේවක අර්ථසාධක අරමුදල (EPF) එකවර ලබා දෙනු වෙනුවට, එය මාසික විශ්‍රාම වැටුපක් ලෙස ලබා දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විශ්‍රාම යාමෙන් පසු සේවකයන්ගේ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමේ අරමුණින් සේවක අර්ථසාධක අරමුදල හඳුන්වා දී ඇති බවත්, අරමුදලේ මුදල් එකවර ලබා දීම නිසා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පසුකාලීන සමාජ ආරක්ෂණය අවදානමකට ලක්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව, පෞද්ගලික අංශයේ සේවකයන්ට ද සිය විශ්‍රාම ජීවිතය පුරා නිශ්චිත ආදායමක් ලැබෙන පරිදි විශ්‍රාම වැටුප් ක්‍රමයකට සමාන පද්ධතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටී. මෙමඟින් සේවකයන්ගේ අනාගත මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.