වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට විරෝධය පල කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සිය විරෝධය දැක්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී සහ කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පාතාල චෝදනා එල්ල කරමින් ආණ්ඩුව මෙම ඝාතනය ගැන සෙවීම මඟ හරිමින් සිටින බවයි.