2026 ජූලි 31 සිකුරාදා, 01:00
නවතම පුවත්

නිදහස් උළෙලට මිලියන 87ක වියදමක්

මෙවර පැවැත්වෙන 77 වැනි නිදහස් උළෙලට රුපියල් මිලියන 87 ක මුදලක් වැයවන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගණන් බලා ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් වසරේ (2024) පැවැති නිදහස් දින සමරු උත්සවය සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වැයවන බවට ගණන් බලා තිබිණි.

මෙවර නිදහස් උත්සවය සදහා ආරාධිත අමුත්තන්ද සීමාකර තිබෙන අතර ආරාධිතයන් සහ අනෙකුත් පිරිස වෙනුවෙන් ඉදිකරන කුටි (Hut) සඳහා රුපියල් මිලියන 37 ක මුදලක් වැයවන බවට ගණන් බලා ඇති අතර ඒවා රජයේ කර්මාන්තශාලාවෙන් ලබා ගැනීමට කටයුතු යොදා ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ගබඩාවල තිබෙන යකඩ බට ඇතුළු උපකරණද කුටි ඉදිකිරීමේදී යොදා ගන්නා බවද පැවසේ.

ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් එක් හෙලිකොප්ටර් යානයක් පමණක් නිදහස් උත්සවය පැවැත්වෙන කලාපයේ සැරිසැරීමට කටයුතු යොදා තිබේ. එසේම මෙවර නිදහස් දින සමරු උත්සවය සඳහා යොදා ගන්නා යුද හමුදා භට කණ්ඩායම් සියයට 50 කින් අඩුකර ඇති අතර, ගුවන් යානා සන්දර්ශනද නොපැවැත්වෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

එමෙන්ම, මේ වන විට අනාවරණය වී ඇත්තේ යුද හමුදා රථ, කාලතුවක්කු රථ ආදියද මෙවර නිදහස් උත්සවයේදී ප්‍රදර්ශන රථ ලෙස ධාවනය නොවන අතර, රෙජිමේන්තු මට්ටමින් පවත්වන පෙළපාළි වෙනුවට හමුදාව විසින් එක් පෙළපාළියක්ද, පොලිසිය විසින් එක් පෙළපාළියක්ද ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම, මෙවර නිදහස් උත්සවය සඳහා නිදහස් සමරු කලාපයක්ද මුද්‍රණය නොකෙරෙන බව පැවසේ. කෙසේ නමුත්, ජයමංගල ගාථා, මඟුල් බෙර වාදන, පාසල් ශිෂ්‍ය භට තූර්ය වාදක කණ්ඩායම්, සංස්කෘතික කණ්ඩායම් නිදහස් උත්සවයට සුපුරුදු පරිදි යොදාගැනේ.

පසුගිය නිදහස් දින උත්සව සඳහා යාපනයේ සිට යුද ටැංකි කොළඹට ගෙනැවිත් ඇති අතර, එක් යුද ටැංකියක් සඳහා ඉන්ධන වියදම් ලෙස රුපියල් ලක්ෂ හතරකට අධික මුදලක් වැයවී ඇතැයිද පැවසේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කියා සිටියේ මෙවර නිදහස් උත්සවය චාම් සහ ගාම්භීර අයුරින් මහජනතාවගේ සහභාගිත්වයෙන් පවත්වන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories