2026 ජූලි 31 සිකුරාදා, 02:49
නවතම පුවත්

ශිෂ්‍යත්වය ලියන දරුවන්ට උපදෙස් කිහිපයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

අද(13) විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කෙමසාරිස්වරයා මේ බව පැවසුවා.

ඒ අනුව විභාගය එළඹෙන 15 වැනි ඉරිදා පෙරවරු 9.30ට ආරම්භ වනවා.උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්විමට නියමිත වන අතර එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්ව ඇති අර සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092ක්ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක පෙනී සිටියි.

විභාගයට පෙනී සිටින විටදී පෑනෙන් ලියනවා නම් කළු හෝ නිල් පෑන් පමණක් භාවිත කළ හැකි බවත්, ඒ හැරෙන්න වෙනත් වර්ණ භාවිත කිරීමට අවසර නොමැති බවත් මෙහිදී විශේෂ දැනුම්දීමක් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියා.

පැන්සලෙන් ලියනවා නම් ඒ සඳහා කිසිඳු බාධාවක් නොමැති බවද ඊට අමතරව මකන කෑල්ලක්, අඩි කෝදුවක්, වතුර බෝතලයක් විභාග ශාලාවට රැගෙන යා හැකි බවත්, ෆයිල් කවර, ස්මාට් වර්ගයේ ඔරලෝසු රැගෙන යාමට අවසර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නියමිත වේලාවට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් රැගෙන යෑමට කටයුතු කරන ලෙසත් අනවශ්‍ය පීඩනයකින් තොරව ඉතා සැහැල්ලු මනසින් විභාගයට මුහුණ දී එම කඩඉම ජය ගන්නා ලෙසත් ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදි ඉල්ලා සිටියා.

විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849ක් ස්ථාපිත කර ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට විභාග මධ්‍යස්ථාන 7කදී සහ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා දරුවන්ට එහි සිට විභාගයට මුහුණදීම සඳහා ද විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories