2026 ජූලි 29 බදාදා, 10:52
නවතම පුවත්

ආචාර්ය ප්‍රශ්නෙ පටන් අරන් තියෙන්නේ බිමල්ගේ කාර්යාලයෙන්ලු

අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ‘ආචාර්‍ය’ ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වැරදි ලෙස සටහන් කිරීමට හේතුවී ඇත්තේ සභානායක බිමල් රත්නායකගේ කාර්යාලයෙන් ලබාදුන් ලේඛනයක් මත බවට මූලික විමර්ශනවලින් පෙනීගොස් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බණ්ඩාර කියා සිටියේ රජය විසින් මීට පෙර කරන ලද ප්‍රකාශයන් පාර්ලිමේන්තු නිලධාරීන් සම්බන්ධ දේශපාලන කුමන්ත්‍රණයක් පිළිබඳ අදහසක් මතුකළ බවයි.

“මෙය පාර්ලිමේන්තු නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් ලෙස හුවා දක්වන්න උත්සාහ කළා. නමුත් එම ලියවිල්ල සභානායක කාර්යාලයෙන් ආරම්භ වූවක් බව දැන් පැහැදිලියි. ඔවුන් දැන් මොනවද කියන්නේ? ” යනුවෙන් බණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මෙම සොයාගැනීම් අනුව කාරණය පැහැදිලි කරන ලෙස ඔහු නානායක්කාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

තමාට පක්ෂ අනුමැතිය අවශ්‍ය බව පවසමින් අධිකරණ ඇමැතිවරයා සම්මුඛ සාකච්ඡා ප්‍රතික්ෂේප කළ බවටද බණ්ඩාර මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පක්ෂ සාමාජිකයන්ට තම අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත අදහස් දැක්වීම තහනම් කර ඇති බව බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“මේකට හේතුව මැති ඇමැතිවරුන් නොසැළකිලිමත් ලෙස ක්‍රියා කරන බව ඔහු දන්නා නිසා” යැයි කී බණ්ඩාර මන්ත්‍රීවරයා, මෙම සිදුවීම මගින් රජයේ දුර්වල බව පිළිබිඹු වන බව ද සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories