2026 ජූලි 28 අඟහරුවාදා, 17:09
නවතම පුවත්

නගරාධිපතිනිය ඉල්ලා අස්වෙන්න , මුජිබර් කියයි

කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජයට පත්වීමත් සමඟ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ, වත්මන් නගරාධිපතිනියට හෘද සාක්ෂියක් තිබේ නම් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි. ඇය එලෙස ඉවත් නොවන්නේ නම් බහුතර බලය හිමි ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කිරීමට සිදුවනු ඇති බවත්, මේ වන විට ඇය නාමික නගරාධිපතිනියක් බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර නගර සභා මන්ත්‍රීවරුන් කැඳවා ඔවුන්ට සංග්‍රහ කරමින් අයවැයට පක්ෂව ඡන්දය දෙන ලෙස බලපෑම් කළ බව මුජිබුර් රහුමාන් මහතා චෝදනා කළේය. කෙසේ වෙතත්, පසුගිය මාස හයක කාලය තුළ වත්මන් පාලනය සමඟ ඉදිරියට යා නොහැකි බව වටහා ගත් මන්ත්‍රීවරුන් අයවැය පරාජය කරමින් සිය සැබෑ හෘද සාක්ෂිය ප්‍රකාශ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ජාතික ජන බලවේගයේ පාලනය යටතේ ගතවූ මාස හයක කාලය තුළ කොළඹ නගරයේ කිසිදු යටිතල පහසුකම් සංවර්ධනයක් හෝ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. පවතින සේවාවන් පවා පෙරට වඩා අක්‍රමවත් වී ඇති බවට චෝදනා කරන ඔහු, නගරාධිපතිවරිය තේරී පත්වූ අවස්ථාවේ රහස් ඡන්දයක් පවත්වා ගැසූ දේශපාලන ගැටය මාස හයක්වත් පවත්වා ගැනීමට පාලක පක්ෂයට නොහැකි වූ බව ද සඳහන් කළේය.

මෙහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ දේශපාලන බලපෑම් කිරීමෙන් හෝ මන්ත්‍රීවරුන් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමෙන් දීර්ඝකාලීන පාලනයක් ගෙන යා නොහැකි බව මෙම පරාජය හරහා තහවුරු වන බවයි. මෙම තත්ත්වය හමුවේ කොළඹ නගර සභාවේ ඉදිරි පාලන කටයුතු සම්බන්ධයෙන් පාලක පාර්ශවය ගන්නා තීරණය පිළිබඳව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories