2026 ජූලි 29 බදාදා, 20:51
නවතම පුවත්

ආරක්ෂක අංශ පවරා ගත් සියලු ඉඩම් නැවත ජනතාවට – ජනපතිගෙන් පොරොන්දුවක්

යුද සමයේදී ආරක්ෂක අංශ වෙත පවරා ගත් සිවිල් ජනතාව සතු සියලු ඉඩම් නැවත නිදහස් කර ජනතාව වෙත මුදා හැරීමට පියවර ගන්නා බව, ජාතික ජන බලවේගය විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ යුද සමයේ විනාශ වූ නිවාස යළි ඉදි කර ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව සහය වන බවත් යුද සමයේ කිලිනොච්චිය ප්‍රදේශයේ වසා ඇති මහාමාර්ග යළි විවෘත කිරීමටද පියවර ගන්නා බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි දන්නවා ආරක්ෂක හේතූන් මත ජනතාවගේ ඉඩම් හමුදාව වෙත පවරගෙන තියෙනවා. අපි එම හමුදා නිලධාරීන් එක්ක, හමුදාපතිවරුන් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා. නිදහස් කරන්න පුළුවන් හැම බිම් අඟලක්ම ආපහු ජනතාවට දෙන්න අපි කටයුතු කරනවා.

ඒ විතරක් නෙමෙයි සමහර ඉඩම් පාරම්පරිකව වගා කරපු ඉඩම් ගූගල් මැප් එක දිහා බලලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවර ගත්තා. ඒවා මේ ප්‍රදේශයේ වගා කළ ඉඩම්, ජනතාවගේ ඉඩම්, ඒවා නැවත නිසි පරික්ෂාවකින් අපි ලබා දෙන්න කටයුතු කරනවා.

ඒ වගේම තවත් පාරවල් කිහිපයක් වහලා තියෙනවා. කොළඹ ජනාධිපති මන්දිරය ඉස්සරහා කොළඹ පාර ඇරලා තියෙන්නේ. අරලියගහ මන්දිරය ඉස්සරහා පාරවල් ඇරලා තියෙන්නේ. මොකටද කිලිනොච්චියේ පාරවල් වහලා තියෙන්නේ. ඒ හැම පාරක්ම ජනතාවට ගමන් කරන්න පුළුවන් ආකාරයට අපි විවෘත කරනවා. දැනටමත් අපි යාපනයේ පාරවල් විශාල ප්‍රමාණයක් යළි විවෘත කරලා තියෙනවා. අපි මේ රට සාමාන්‍ය තත්ත්වයට ගේන්න ඕනේ.

ඒ වගේම අපි හඳුනගෙන තියෙනවා යුද්ධය හේතුවෙන් නිවාස අහිමි වුණු. නිවාස හදාගන්න වත්කමක් නැති විශාල පිරිසක් මේ උතුරේ ඉන්න බව. ඒ සියලු දෙනාට නිවාස ඉදිකර ගැනීම සඳහා අපේ ආණ්ඩුව සහය දෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories