2026 ජූලි 29 බදාදා, 03:20
නවතම පුවත්

IMF කොන්දේසිවලින් ලංකාවේ අයවැයට බලපෑමක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව ලබන වසරේ අයවැය සකස් විය යුතු බවට IMF මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති ට්‍රම්ප් මෙරට අපනයන සඳහා පනවා ඇති තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් පවතින බවයි.

2026 වසරේ අයවැය සකස් කිරීමේදී රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු බවත්, ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම් එයට ඇතුළත් විය යුතු බවත් පැපජෝජියෝ මහතා පවසයි. බදු නිදහස් කිරීම් සඳහා වන නීති රාමුව, බදුවලට අනුකූල වන පිරිස ඉහළ දැමීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍යකරණය වැඩිදියුණු කිරීම පිළිබඳව ශක්තිමත් පියවරයන් ලබන වසරේ අයවැයට ඇතුළත් විය යුතු බවටද ඔහු ප්‍රකාශ කළේය. එසේම, රාජ්‍ය වියදම් හිඟයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වන පියවරයන්ද අයවැයට ඇතුළත් වීම ඉතා වැදගත් බව ඔහු පැවසුවේය.

රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය, රාජ්‍ය ව්‍යවසායන්, ප්‍රසම්පාදනය හා රාජ්‍ය වත්කම් කළමනාකරණය පිළිබඳව ඉදිරියේදී සකසන පනත් කෙටුම්පත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා හොඳම භාවිතයන්ට අනුකූල විය යුතු බවද පැපජෝජියෝ මහතා පෙන්වා දුන්නේය. මූල්‍ය අවදානම් අවම කිරීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසරභාවයට සහාය වීමටත් විදුලිය හා ජලය ඒකකයක් නිපදවීමට යන පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක වුවද, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටින් අපනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති ඉහළ තීරු බද්ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට ඇති අවදානම ඉහළ දමන බව ඔහු ප්‍රකාශ කළේය. එසේම, මතුව ඇති ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ වර්තමාන භූ දේශපාලනයේ නිරන්තරයෙන් සිදුවන වෙනස්වීම්ද මෙරට ආර්ථික වර්ධනය පහළ වැටීමට තිබෙන අවදානම ඉහළ දමන බව ඔහු පැවසුවේය. මෙම අවදානම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම මූල්‍ය අවකාශය නැවත ගොඩනගා ගැනීමේ සහ විදේශ සංචිත නැවත ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළේය. මෙතෙක් අමාරුවෙන් දිනා ගත් ආර්ථික ප්‍රගතිය ආරක්‍ෂා කර ගැනීමට සහ මෙරටට එල්ල වන අවදානම්වලට මුහුණ දීමට ඇති හැකියාව පුළුල් කරගැනීමට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉඩ සලසා දෙනු ඇතැයිද පැපජෝජියෝ මහතා විශ්වාසය පළ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories