2026 ජූලි 29 බදාදා, 10:15
නවතම පුවත්

ළාබාලතම ගගනගාමීන් සමඟ චීනය අභ්‍යවකාශ පෙරළියක

චීන ගගනගාමීන් තිදෙනෙක් රැගත් තවත් යානයක් අද (30) සාර්ථකව අභ්‍යවකාශය වෙත යොමු කෙරුණි.

මෙය ඉතිහාසයට එක්වන්නේ, චීනය මෙතෙක් අභ්‍යවකාශ ගතකළ ළාබාලතම ගගනගාමී රැගත් යානය ලෙසයි.

මෙම පිරිස මාස 6ක කාලයක් ඉදිවෙමින් පවතින චීනයේ ටියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් පර්යේෂණ සිදුකිරීමට නියමිතය.

ගෝබි කාන්තාරය ආසන්නයේ පිහිටුවා ඇති ජියෑක්වෑන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙලෙස ගමන් ආරම්භ කළේ ෂෙන්ජෝ නයින්ටීන් (Shenzhou-19) යානය යි.

එහි ගගනගාමීන් තිදෙනෙක් අභ්‍යවකාශය බලා ගමන් කළ අතර ඊට චීනයේ පළමු අභ්‍යවකාශ ඉංජිනේරුවරිය මෙන්ම ළාබාලතම ගගනගාමියෙක් ද ඊට අයත් ය.

ප්‍රවීණ ගගනගාමියෙක් වන කායි සූචෝ, තරුණ ගගනගාමී සහ කාන්තා අභ්‍යවකාශ ඉංජිනේරු සොන්ග් ලින්ඩොන් ද රැගත් යානය මෙලෙස ගමන් ආරම්භ කළේ මේ වනවිට ඉදිකරමින් පවතින ටියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතට ය.

එරට වේලාවෙන් අද පෙරවරු 4.27ට යානය අභ්‍යවකාශ ගත කෙරුණේ ලෝන්ග් මාර්ච් ටූ එෆ් (Long March-2F) රොකට්ටුව යොදාගනිමිනි.

ඉන් මිනිත්තු 10කින් රොකට්ටුවෙන් වෙන්වූ යානය එහි නිසි කක්ක්ෂය වෙත ළඟා විය.

ඔවුන් මාස 6ක කාලයක් ටියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් පර්යේෂණ සිදුකරමින් අභ්‍යවකාශ සක්මනේ නිරතවීමට නියමිත ය.

එමගින් 2030 වසර වන විට සඳ මතට මිනිසුන් යැවීමට චිනය ගන්නා උත්සාහයට සහායක් වනු ඇති බව චීන බලධාරීන්ගේ අපේක්ෂාව වෙයි.

චීනය සිදුකරන මිනිසුන් සහිත 33 වැනි අභ්‍යවකාශ මෙහෙයුම මෙය වන අතර, ඉදිවෙමින් පවතින ටියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන්කරන සිව්වැනි මෙහෙයුම මෙය යි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories