අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හී එල් පැසෝ නගරය ආසන්නයේ රික්ටර් මාපක 5.2ක භූ කම්පනයක් ඇති තිබේ. මෙම භූ කම්පනය හේතුවෙන් මෙක්සිකෝව සහ උතුරු මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවලට දැනී ඇති බවත් වාර්තා වේ.
ටෙක්සාස් හී පෙකෝස් සිට බටහිරට සැතපුම් 50ක් දුරින් මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.