2026 ජූලි 29 බදාදා, 02:29
නවතම පුවත්

දේශබන්දුට එරෙහි ආණ්ඩුවේ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ අදාළ අතිරේකයට ඇතුළත් කර ඇත.

පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අනුව, යෝජනාව පළමුව පාර්ලිමේන්තු කටයුතු කමිටුවේදී සාකච්ඡාවට ගනු ලැබේ.

මෙයින් දින පහකට පසු එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.

ඉන්පසු ඡන්දයක් පවත්වනු ලබන අතර, යෝජනාව සම්මත කිරීම සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ සහාය අවශ්‍ය වේ.

යෝජනාව අනුමත වුවහොත්, තෙන්නකෝන්ට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා කථානායකවරයා විමර්ශන කමිටුවක් පත්කරනු ඇත.

කමිටුවේ සොයාගැනීම් කථානායකවරයාට වාර්තා කිරීමෙන් පසු ඔහු ඉවත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගනු ලැබේ.

මේ අතර, අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, අදාළ යෝජනාව අප්‍රේල් 08 හෝ 09 යන දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්ද විමසීමක් පවත්වන බවයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මාර්තු 26 වන දින කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සන් අඩංගු වන අතර තෙන්නකෝන්ට එරෙහිව චෝදනා 27ක් එහි ලැයිස්තුගත කර ඇත.

දැනට රාජකාරියෙන් අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2023 දී වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාර්තු 19 වැනි දින අධිකරණයට භාරවීමට පෙර ඔහු දින 20ක් අත්අඩංගුවට ගැනීම මගහැර සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories