2026 ජූලි 31 සිකුරාදා, 10:43
නවතම පුවත්

රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ සැළසුමක් නැති බව රජය කියයි

රාජ්‍ය සේවය කප්පාදු කිරීමට රජයට කිසිදු සැළසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බව රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ රජයේ ආදායම් ශක්තිමත් කිරීමේ ව්‍යායාමයක් ලෙස රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස විවිධ තැන්වලින් ඉල්ලීම් ඉදිරිපත් වුවද රැකියා කප්පාදු කිරීම තවත් අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වන බවයි.

එබැවින් එවැනි ක්‍රියාමාර්ග නොගන්නා බවත් මෙම කරුණු පිළිබඳ සළකා බැලිය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීමට රජය පියවර ගන්නා බව ද ඔහු පවසා ඇත.

එමෙන්ම ඉදිරි බඳවාගැනීම් සිදුකිරීමේදී ඵලදායිතාව පිළිබඳ සොයා බලන බව ද ඔහු සඳහන් කර තිබේ.

මීට පෙර විවිධ රජයන් යටතේ ඵලදායිතා අංශය කෙරෙහි අවධානයක් යොමු නොකර තාවකාලික ක්‍රමවේදයකට උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන ඇති බවත් එය පියවරෙන් පියවර නිවැරදි කරන බවත් ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට නොහැකි වනු ඇති අතර නුදුරේදීම රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන දුමින්ද හුලංගමුව පවසයි.

කෙසේවෙතත්, මීට පෙර, ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව කියා සිටියේ රටේ දැනට සිටින මිලියන 1.3 සේවක පදනමේ සිට 750,000 දක්වා රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය අඩු කිරීමට සිදුවනු ඇති බවයි.

“අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් ඇතිකර ගැනීමට අපට හැකියාවක් නැහැ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සංඛ්‍යා කපා ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි,” හුලංගමුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උළෙලේදී පැවසීය.

මීට අමතරව, ආර්ථික විද්‍යාඥයකු වන තලල් රාෆි පැවසුවේ රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් වශයෙන් රජයට වසරකට රුපියල් බිලියන 1,700ක් වැය වන අතර එය විශාලතම වැය බර බවයි.

“රාජ්‍ය අංශය සියයට 25කින් අඩු කළොත් එමගින් රජයට වසරකට රුපියල් බිලියන 400ක් පමණ ඉතිරි වෙනවා. එය කටුනායක-කොළඹ අධිවේගී මාර්ග තුනක වියදමට සමානයි,” යනුවෙන් ඔහු X හි සටහනක් තබමින් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories