ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද “Rebuilding Sri Lanka” අරමුදලට මේ වන විට රුපියල් මිලියන 3,421ක් ඉක්මවා ගොස් ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.
හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ, මෙම අරමුදල සඳහා දේශීය ව්‍යාපාරිකයින්, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් සහ විදේශීය ආයතන දායකත්වය දක්වා ඇති බවය. ඒ අනුව මේ වන විට ලැබී ඇති සමස්ත මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 3.4ක ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 11කට අධික බවත්, ඉන් විදෙස් මුදල්වල වටිනාකම රුපියල් මිලියන 4.1ක් බවත් ඔහු සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය සූරියප්පෙරුම මහතා, විවිධ රටවල් 40කින් ශ්‍රී ලංකාවට මේ ව්‍යසනය සඳහා මුදලින් ආධාර ලබා දී තිබෙන බව පෙන්වා දුන්නේය. ඒ අනුව, ඇමරිකා එක්සත් ජනපදය එහෙමත් උතුරු ඇමරිකාව තුළින් වැඩිම මුදල් ප්‍රමාණයක් ලැබී ඇති අතර, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්, ව්‍යාපාරිකයින් සහ ශ්‍රී ලංකාවට සහය දක්වන පිරිස විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී තිබේ. එංගලන්තය තුන්වැනි ස්ථානයේ පසුවන අතර ජර්මනිය, ඉතාලිය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනාදී වශයෙන් ද මුදල් ලැබී ඇත.
එමෙන්ම, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සහ ව්‍යාපාර ආයතනයන් ලබා දුන් මුදල් ප්‍රතිපාදන දෙස බලන විට, රුපියල් මිලියන 100ට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ව්‍යාපාර ආයතන කිහිපයක්ම පරිත්‍යාග කර තිබෙන බවත්, රුපියල් මිලියන 20ත් 100ත් අතර ප්‍රධානයන් 4ක් ව්‍යාපාරික ප්‍රජාව සහ පුරවැසියන් විසින් ලබා දී තිබෙන බවත් හෙතෙම පැවසීය.