2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:03
නවතම පුවත්

මහ බැංකුවට අධිකරණයෙන් රතු එළියක් – බැඳුම්කර වාර්තා දෙසැම්බරයේ ඉදිරිපත් කරන්න!

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව අධිකරණය විසින් ඉල්ලා සිටි ගිණුම් වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට ලබන දෙසැම්බර් 11 වනදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූනි 12) නියම කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර තිබූ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, මෙම නඩුව අවසන් වරට කැඳවනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බවත්, එදින මෙම සැකකරුවන්ගේ සමාගම්වලට අදාළ ගිණුම් වාර්තා ඉදිරිපත් කරන ලෙස මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට නියෝග කළද, මෙතෙක් එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත්ය. පැමිණිලිකරුවන්ට මෙම නඩුව පවත්වාගෙන යාමට උනන්දුවක් නොමැති නම්, නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙසද ජනාධිපති නීතිඥවරයා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය. තවද, මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විටත් තම සේවාදායකයින්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී CID නිලධාරියාද අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙස පෙර අධිකරණය කළ නියෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, මෙම කරුණ සම්බන්ධයෙන් මීළඟ නඩු දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට නියම කළේය.

මෙම නඩුවේ සැකකරුවන් ලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, එහි අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු නම් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories