2026 ජූලි 29 බදාදා, 05:01
නවතම පුවත්

අමෙරිකාව ආරුගම්බේවලට දාපු තහනම ඉවත්කරයි

ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ ආරුගම් බොක්ක ආශ්‍රිතව සංචාරය නොකරන ලෙසට කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද සංචාරක තහනම ඉවත් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ, 2024 ඔක්තෝබර් 23 වන දින ආරුගම් බොක්ක සඳහා නිකුත් කරන ලද සංචාරක සීමාවන් ඉවත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය සමාලෝචනය කිරීමටත්, සුපරීක්ෂාකාරීව සිටීමටත්, සංචාරකයන්ගේ වටපිටාව පිළිබඳව දැනුවත් වීමටත්, සැකකටයුතු ක්‍රියාකාරකම් සහ හදිසි අවස්ථා පිළිබඳ පළාත් පාලන ආයතන වෙත ක්ෂණික ඇමතුම් අංකය -119 හරහා වාර්තා කරන ලෙසත් සියලුම එක්සත් ජනපද පුරවැසියන් දිරිමත් කර තිබේ.

ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කරමින් කියාසිටියේ ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු අඟවන විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.

එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් පසුව, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ රුසියාව ඇතුළු තවත් රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සම්බන්ධ ඔවුන්ගේ සංචාරක උපදේශන යාවත්කාලීන කර ඇත.

ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශය සහ දිවයිනේ දකුණේ සහ බටහිර ප්‍රදේශයේ අනෙකුත් වෙරළ තීරයන් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය ඊශ්‍රායල ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories