2026 ජූලි 31 සිකුරාදා, 05:08
නවතම පුවත්

ආහාර බලාපොරොත්තුවෙන් සිටි පිරිසකට ගාල්ලේ හෝටලයකින් අමානුෂික පහරදීමක්

ආහාර ඇණවුම් කර ආහාර බලාපොරොත්තුවෙන් සිටියදී පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ගාල්ලේ ප්‍රධාන පෙළේ හෝටලකට ගොස් ආහාර ඇණවුම්කර සිටි පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

කාන්තාවන් සහ ළමයින් ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු නිවාඩුවක් සඳහා කොළඹ සිට ගාල්ලට ගොස් රාත්‍රී ආහාරය සඳහා මෙම හෝටලයකට ගොස් සිටියදී මෙය සිදුව ඇත.
මෙම පිරිස ඊයේ (16) රාත්‍රියේ අදාළ ආහාර ඇණවුම්කර සිටියදී විනාඩි 30කට පමණ පසු හෝටල් භාරකරු පවසා ඇත්තේ ආහාර අවසන් වී ඇති බවයි.

එම අවස්ථාවේදී පැමිණ සිටි පිරිස පවසා ඇත්තේ “ආහාර නොමැති බව දැනුම්දීමට මිනිත්තු 30ක් ගත වූයේ ඇයි දැයි” යනුවෙනි.
ඉන් අනතුරුව දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් ඇතිව ඇති අතර, ආරවුල සිදුවෙමින් පවතින අතරතුර හෝටල් කාර්ය මණ්ඩලය ඔවුන්ට පහර දී ඇති බව වාර්තා වේ.

අදාළ හෝටලයේ සිටි 30 දෙනෙකු පමණ පහරදුන් බව පහරකෑ පුද්ගලයන් පවසයි. තමන්ට පහරදෙන බවට කළ දැනුම්දීමකට අනුව ඔවුන්ගේ පවුලේ තවත් සාමාජිකයින් පිරිසක් මෙම ස්ථානයට වහාම පැමිණ ඇති අතර, ඔවුන්ටද හෝටල් කාර්ය මණ්ඩලය පහරදී ඇති බව වාර්තා වේ.

මෙම අනපේක්ෂිත සිදුවීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකුගේ හිසට ද, 17 හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඇසකටද තුවාල සිදුව ඇති අතර එමෙන්ම 14 හැවිරිදි පිරිමි ළමයෙකුද මෙහිදී තුවාල ලබා තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories