2026 ජූලි 31 සිකුරාදා, 20:57
නවතම පුවත්

මන්ත්‍රීවරුන් 80 ක් නිල නිවාස ඉල්ලයි – හැටක්ම මාලිමාවේ

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමුකර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීපයට’ පවසා ඇත.

මින් හැටකට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව එම නිලධාරියා සඳහන් කර තිබේ.

මේ අතර හිටපු මන්ත්‍රීවරුන් හත්දෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත්නොවී තවමත් රැඳී සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉතා ඉක්මණින් එම නිවාසවලින් ඉවත්ව යන බවට හිටපු මන්ත්‍රීවරුන් හත්දෙනා දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන්කිරීම ලබන මස 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත තමන්ටම නිවාස නොමැති දුරබැහැර පළාත්වල මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට අවස්ථාව උදාවේ.

නවක මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සඳහා මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල කරගෙන යයි.

මේ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේද සහාය ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරුන් 110කට පමණ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන්කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories