2026 ජූලි 31 සිකුරාදා, 08:15
නවතම පුවත්

කෝටි 9ක් වැයකර එළුවන් 23ක් උපද්දවපු රජයේ වැඩක් ගැන විගණන කාර්යාලය හෙළිකරයි

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍රගත කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියකින් එළුවන් 23 දෙනෙකු පමණක් අභිජනනය කිරීමේ සිද්ධියක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ඉඹුල්දණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ 2019 දී අරඹා ඉකුත් වසර අවසානයේ අවසන්වූ මෙම ව්‍යාපෘතියෙන් වසරකට 50 බැගින් එළුවන් 250 ක් අභිජනනය කිරීම අරමුණවූ බව විගණන කාර්යාලය සඳහන් කරයි.

එහෙත් මෙසේ එළුවන් 23 ක් පමණක් අභිජනනය කර රුපියල් 2 ,362,442 ක ආදායමක් උපයා තිබීමෙන් ව්‍යාපෘතියේ අරමුණ ඉටුව නැතැයි මේ සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන්වේ.

අභිජනනයට යොදාගත් ආනයනික එළුවන් තුළ නිරෝධායන කාලයේ බී.ටී සහ සී.ඒ.ඊ.ප්‍රතිදේහ තිබූ බැවින් එළුවන් අභිජනනය කර ක්ෂේත්‍රගත කිරීම නතරකළ බව දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විගණනයට දැනුම් දී තිබේ.

විගණනයෙන් අනාවරණයවූ මෙම දත්ත අනුව ව්‍යාපෘතියට වැය කළ මුදලින් ලැබුණු ආදායම අඩුකළ විට ඉතිරි මුදල හා අභිජනනය කළ එළුවන් සංඛ්‍යාව සැසඳීමේදී එම එක් එළුවෙක් වෙනුවෙන් රුපියල් 3,895 ,993 ක් වැයවී ඇති බව පෙනීයයි.(ලංකාදීප)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories