2026 ජූලි 31 සිකුරාදා, 18:20
නවතම පුවත්

පොලිස් ඇමැතිගේ කතාව විකෘති කළේ කවුද?

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මහවිරු සමරුව අළලා කරන ලදැයි කියන ප්‍රකාශයක් සාවාද්‍ය සහ නොමග යවනසුළු ආකාරයෙන් ඇතැම් ප්‍රධාන ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මහවිරු සමරුව අලලා ප්‍රකාශ කළායැයි සංසරණය වන සාවාද්‍ය සහ නොමග යවනසුළු ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.

“එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් ඔවුන්ගේ බැනර්,ලාංඡන,ඡායාරූප යොදාගනිමින් මියගිය සාමාජිකයින් සැමරීමට බාධාවක් නොමැති” බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ යැයි සඳහන් කළ නොමග යවනසුළු පුවත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, යූ ටියුබ් හා වෙබ් පිටු මගින් ප්‍රචාරය කෙරෙමින් පවතින බව අප හට නිරීක්ෂණය විය.

නමුත් එම වීඩියෝ පට පසුගිය දා ගල්ගමුව ප්‍රදේශයේ දී පැවති වැඩසටහනකදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මාධ්‍ය වෙත ලබා දුන් ප්‍රකාශය අර්ථය වෙනස් වන පරිදි සංස්කරණය කළ වීඩියෝ දර්ශන වේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එම අවස්ථාවේ සදහන් කර සිටියේ “නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියෙකුගේ මියයාම සමරන්නට ඕනෑම කෙනෙකුට ඉඩ ඇති නමුත් මහවිරු සැමරුම් කරන්නට ඉඩකඩක් නොමැති බවත්, එල්.ටී.ටී.ඊ ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිත කරන්නට ඉඩකඩ නොමැති බවත්ය. එහිදී එතුමා තවදුරටත් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වන බවයි. එමෙන්ම උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මිය ගියානම් ඒ දරුවා සිහිපත් කිරීමට අයිතියක් තිබෙන නමුත් සංවිධානයක් ලෙස තහනම් කල සංවිධානයක් යලි ස්මරණය කරමින් ඔවුන්ගේ සංවිධාන වල අධිපත්‍ය ස්ථාපනය කරන බවට සමාජයට ඒත්තු යෑමට ඉඩ නොදෙන බවත්ය.”

ඒ අනුව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා සිදු කලේයයි පවසමින් සංසරණය වන විකෘති කල පුවත් සාවද්‍ය සහ නොමග යවන සුළු පුවත් බැවින් එම පුවත් නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories