2025 අගෝස්තු 15 සිකුරාදා, 01:17
නවතම පුවත්

මහා ඡන්දේ අපේක්ෂකයන් 4000ක් වියදම් වාර්තා ඉදිරිපත් කර නෑ

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ බරපතල මන්දෝත්සාහි තත්වයක් පවතින බව අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති ) නීතිඥ චින්තක කුලරත්න මහතා පැවසීය.

පසුගිය මහ මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 8888ක් ඉදිරිපත් වූහ.

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුවේ.ඒ අනුව ලබන මස 6 වැනිදාට පෙර එම වියදම් වාර්තා භාරදිය යුතු බව කොමිසම දැනුම් දෙයි.

මෙයට අමතරව අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශද කොමිෂන් සභාවට භාරදිය යුතුවේ. සමහර අපේක්ෂකයන් එම ප්‍රකාශද තවමත් භාරදී නොමැත

මැතිවරණ ක්‍රමය තුළ විනිවිදභාවයක් ඇති කිරීම සහ අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවීම වැළැක්වීම සඳහා වියදම් වාර්තා නීතිය ක්‍රියාත්මක වන බව කොමිසම පවසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories