2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:48
නවතම පුවත්

LTTE සැමරුම් බෑ – මහජන ආරක්ෂක ඇමති කියයි

LTTE සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයේ ලාංඡන, නිල ඇඳුම් හෝ සාමාජිකයින්ගේ පිංතූර යොදා ගනිමින් සැමරුම් උත්සව පැවැත්වීමට හැකියාවක් නොමැති බවය.

කෙසේවෙතත් යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීමට උතුරේ ජනතාවට බාධාවක් නොමැති බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

“නීතියානුකූලව තමන්ගේ ඥාතියෙක් මියගියාම සමරන්න ඉඩකඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ. LTTE ලාංඡනය යටතේ ඒ පින්තූර භාවිත කරමින්. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව LTTE සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි උතුරේ, දකුණේ, නැගෙනහිර හෝ කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිකිරීමේ අයිතිය තිබෙනවා. මම හිතන්නේ බොහෝ වෙලාවට මේ උතුරේ ජනතාව ඥාතීන් සිහිකිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනත් තිබෙනවා. ඒත් අපි රටට අවධාරණය කරනවා LTTE සංවිධානය තහනම් සංවිධානයක් ඔවුන්ට ඉඩකඩක් නෑ ඒ වෙනුවෙන් සැමරුම් කරන්න.”

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

මේ අතර මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා ඊයේ (25) සිය ධුරයේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories