2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:39
නවතම පුවත්

ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූපාර්ලිමේන්තුවේ උත්තරීතර බව යළි ඇති කරන්නට නම්ඔබ ජනතා නියෝජිතයන් ලෙස වැඩ කරන්න

  • අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දහවන (10) පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අද (25)පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

දහවන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වූ ඔබ සැමට මම සුභ පතනවා. මේ පාර්ලිමේන්තුව ඓතිහාසික සහ සුවිශේෂී පාර්ලිමේන්තුවක්. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා එහි අර්ථය හරියට අවබෝධ කරගෙන මේ පාර්ලිමේන්තුව අපි බාරගමු කියලා.

මේ පාර්ලිමේන්තුව ඓතිහාසික වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. වැඩිම කාන්තා නියෝජනය ලෙස මන්ත්‍රීවරියන් 22ක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. ඒ වගේම මන්ත්‍රී ආසන 225න් මන්ත්‍රී ආසනය එකසිය හැට දෙකක් (162) ම නවක මන්ත්‍රීවරුන්. නවක මන්ත්‍රීවරුන් වැඩිවීමට හේතුව අපි අවබෝධ කරගත යුතුයි. පසුගිය කාලය තුළින්ම පාර්ලිමේන්තුව කියන ඒ උත්තරීතර සභාව ජනතාවගේ අප්‍රසාදයට සහා පිළිකුලට පත් වූ තැනක්. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේපවුණා. 225 ම එපා කියලයි ජනතාව ප්‍රකාශ කළේ. එවැනි සංවාදයක් තුළයි ජනතාව මෙවැනි පාර්ලිමේන්තුවක් මහ මැතිවරණයෙන්ම නිර්මාණය කළේ. ඒ නිසා අපි මහජන නියෝජිතයන් කියන එක අමතක නොකළ යුතුයි. අපිට අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර හෝ මොන තනතුරු ලැබුණත් පළමුවත්, අවසන් වරටත් අපි මහජන නියෝජිතයින් බව මතක තබා ගත යුතුයි. මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුව ජනතාව නියෝජනය නොකරන තැනක් බවට පවතින අප්‍රසාදය වෙනස් කරගත හැකි වන්නේ අපි සියලු දෙනාම ජනතාවගේ බලාපොරොත්තු සිහි තබාගෙන ආරක්ෂා කළොත් පමණයි.

අපේ රටේ ජනතාව දේශපාලනිකව පරිණත පිරිසක් බව පසුගිය කාලයේ පැවැති දේශපාලනික පරිවර්තන වලින් පැහැදිලි වෙනවා. ජනතාව ලබාදුන් පණිවිඩය අපි කොයි තරම් දුරට අවබෝධ කරගත්තාද යන කාරණය මතයි මේ පාර්ලිමේන්තුව නිර්මාණය වෙලා තිබෙන්නේ. ජනතාවගේ පණිවිඩය පිළිනොගත්ත අය මෙවර මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙම නම් ජනතාව අපි කෙරෙහි තබා ඇති බලාපොරොත්තුව, ජනතාව අපේක්ෂා කරන දේශපාලන භාවිතාව රට තුළ නිර්මාණය කිරීමටත්, ජනතාව අපි කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමටත් 225 ටම විශාල වගකීමක් තිබෙනවා. ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් කැප වෙමු. ඒ සඳහා මේ වැඩමුළුව ඉතා වැදගත්. සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව මේ නව්‍යකරණය කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට මේ වැඩමුළුව ඉතා ප්‍රයෝජනවත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කථානායක ආචාර්ය අශෝක රන්වල, නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලී වීරසේකර, සභා නායක අමාත්‍ය බිමල් රත්නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින් නලින්ද ජයතිස්ස ඇතුළු නවක මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු මහලේකම්, නියෝජ්‍ය මහලේකම්, සහකාර මහලේකම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
2024.11.25

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories