2026 ජූලි 29 බදාදා, 15:39
නවතම පුවත්

E8 විසා විරෝධතාකරුවන් අඛණ්ඩ විරෝධතාවක

E8 විසා ක්‍රමය යටතේ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිස අද (24) අලුයම වන විටත් එම ස්ථානයේම රැඳී සිටි බව අප වාර්තාකරු පැවසීය.

E8 විසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිසක් ඊයේ (23) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණි.

ඒ තමන්ට කොරියාවේ රැකියා සඳහා වීසා ලැබී ඇතත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොසැලකිල්ල මත ඒ සඳහා පිටත්ව යාමට නොහැකිව ඇතැයි චෝදනා කරමිනි.

අනතුරුව උද්ඝෝෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල පදික වේදිකාවේ තාවකාලික ඉදිකිරීමක් සිදු කිරීමට උත්සාහ දැරීමත් සමග එහි පැමිණි පොලිස් නිලධාරින් සහ උද්ඝෝෂකයින් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පැවති රජයේ අමාත්‍යවරයෙකු නිසි ක්‍රියා පටිපාටියෙන් පරිභාහිරව ගිවිසුම අත්සන් කර තිබීම හේතුවෙන‍් E8 වීසා ක්‍රමය යටතේ අදාළ පිරිස ලියාපදිංචි කිරීම ප්‍රශ්නගත වී ඇති බවය.

එබැවින් මේ වනවිට මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරියා පැවසීය.

කෙසේවෙතත් අද අලුයම් කාලය වන විටත් විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories