2025 අගෝස්තු 15 සිකුරාදා, 12:17
නවතම පුවත්

වේයන්ගොඩ නිධානය බහිරවයා ගිල්ලද ?

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අවසන් කෙරුණි.

රාජ්‍ය ආයතන රැසක් එක්ව සිදුකළ එම කටයුත්තේදී කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් හමුවී නොමැත.

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශය හරහා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ නිධානයක් ඇතැයි පැතිරෙන කටකතා හමුවේ පසුගිය සමයේ විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව මෙහි කැණීම් කටයුතු සිදුකර තිබුණි.

කෙසේ වෙතත් අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට ගැණුනු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණත් නැවත නැවතත් එම ස්ථානයේ නිධානය සොයා හෑරීම් සිදුවීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාදම කොටසට අවදානම් තත්ත්වයක් මතුවුණි.

ඒ බව වේයන්ගොඩ පොලීසිය, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම ස්ථානයේ නිධානයක් තිබේදැයි පොලිස් විශේෂ කාර්ය බළකායට සොයාබලන ලෙසය.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ නිධානය සොයා කැණීම් කටයුතු ආරම්භ කෙරුණී.

පළමු දිනයේ වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා කැණීම්වලින් කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර දෙවන දිනයේ කැණීම්වලදී විශාල ප්‍රමාණයේ ගලක් සොයා ගැනුණි.

එම ගල ඉවත් කිරීම සඳහා දහවල් දොඹකරයක් ද රැගෙන ආනමුත් එම කටයුතු අවසන් කිරීමට නොහැකි වුණි.

කැණීම් කටයුතු සඳහා අත්නගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දී තිබුණේ දින දෙකක් පමණක් බැවින් එම කාලය 22 දා පස්වරුවේ අවසන් වුණි.

වේයන්ගොඩ පොලීසිය පැවසුවේ, පසුව යළි අධිකරණයට කරුණු දක්වා කැණීම් සඳහා තවත් දිනයක් ලෙස 23 දිනයත් ලබා ගත් බවය.

ඒ අනුව තුන්වන දිනටත් නිධානය සොයා කැණීම් කටයුතු ආරම්භ කෙරුණි.

විශාල ප්‍රමාණයේ ගල ඉන් ඉවත් කිරීමට නොහැකි වූ පසුබිමක එය කැබලි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

අනතුරුව ගල් කැබලි මහජනතාව ඉදිරියේ කුඩු කරනු ලැබීය.

ඒ අනුව නිධානයක් හෝ පුරාවිද්‍යා වටිනාකමක් සහිත දෙයක් ඉන් සොයා ගැනීමට නොහැකි වීම නිසා එහි රැස්ව සිටි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකඟත්වය අනුව ඊයේ 23 පස්වරු 4ට කැණීම් කටයුතු අවසන් කෙරුණි.

එහි සිටි පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් එළැඹෙන අඟහරුවාදා (26) දින අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවය.

අනතුරුව රැස්ව සිටි ජනතාවද විසිර ගියේය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාද ප්‍රකාශ කළේ අදාළ ස්ථානයේ කිසිඳු පුරාවිද්‍යාත්මක වටිනා දෙයක් එහි නොමැති බවට වාර්තා වී ඇති බවය.

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories