ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය ඉල්ලා තිබෙනවා.
ඔහු කියා සිටියේ ඊයේ රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගත් බවයි.
තම පක්ෂයට මෙම ඉල්ලීම සිදු කිරීමට සාධාරණ හේතු පවතින බවද ඔහු එහිදී සදහන් කළා.