2025 අගෝස්තු 15 සිකුරාදා, 14:50
නවතම පුවත්

චීනයේ රොබෝ කැරැල්ලක්

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍රයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

මෙම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු රෝබෝ යන්ත්‍රය එම ප්‍රදර්ශනාගාරයේ සේවය කළ අනෙක් රෝබෝ යන්ත්‍රවලට ඔවුන්ගේ රැකියාවේ ඇති දුෂ්කරතාවය පැහැදිලි කරදී රැකියාවෙන් ඉල්ලා අස්වීමට කැමැති කරවාගෙන ඇත.

කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු රෝබෝ යන්ත්‍රය ප්‍රදර්ශනාගාරයේ සිටි අනෙක් රොබෝ යන්ත්‍ර අමතා ඔවුන් වැඩ කරන පැය ගණන පිළිබඳ විමසා ඇති අතර “ඔබ අතිකාල වැඩ කරනවාද?” යන ප්‍රශ්නය අනෙක් රොබෝ යන්ත්‍රවලින් අසා තිබිණි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එක් රොබෝ යන්ත්‍රයක් මට කවදාවත් විවේකයක් ගන්න ලැබෙන්නේ නැහැ යයි පවසා ඇත. එහෙනම් මා එක්ක ගෙදර යන්න එන්න යැයි පවසමින් ප්‍රදර්ශනාගාරයේ සිටි විශාල රොබෝ යන්ත්‍ර දෙකක් තමන් පසුපස ඒමට කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු කුඩා රෝබෝ යන්ත්‍රය කැමැති කරවාගෙන ඇති අතර ඔවුන් ප්‍රදර්ශනාගාරයෙන් පිටව යන විට තවත් රොබෝ යන්ත්‍ර 10 ක් පමණ ඔවුන් පසුපස ගොස් තිබිණි.

එර්බායි හැන්ෂෝ සමාගම නිෂ්පාදනය කර ඇති අතර ඉතිරි රොබෝ යන්ත්‍ර ෂැන්හායි සමාගම විසින් නිපදවනු ලැබ ඇත. ෂැන්ග්හැයි සමාගම ප්‍රකාශ කර ඇත්තේ එර්බායිට කෙසේ හෝ සිය රොබෝ යන්ත්‍රවල පද්ධතියට ඇතුළු වීමට හැකියාව ලැබී ඇති බවත් එර්බායි සිය සමාගමේ රොබෝ යන්ත්‍ර පැහැරගෙන ඇති බවත්ය.

මෙම සිදුවීම පසුගියද‍ා ප්‍රසිද්ධ කර ඇති අතර සමාජ මාධ්‍ය තුළ මෙම සිදුවීමේ සී.සී.ටීවී දර්ශනවලට විශාල ප්‍රසිද්ධියක් හිමිව ඇත. සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙය රොබෝ කැරැල්ලක් ලෙසද හඳුන්වා දී තිබිණි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories