2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:45
නවතම පුවත්

උතුරු නැගෙනහිරට චීනය බිලියන ගානක් සල්ලි බෙදලා

ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර පළාත් සඳහා චීන රජය විසින් මේ වසරේ මේ දක්වා පරිත්‍යාග කර ඇති මුළු මුදල රුපියල් බිලියන 1.5 ක් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

උතුර සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා චීන රජය සැළකිව යුතු පරිත්‍යාගයන් කර ඇති අතර, චීන තානාපති ක්වී ශෙන්හොන්ග් එම පළාත් දෙකේ විවිධ ප්‍රදේශවලට ගොස් ආධාර ලබාදී ඇත.

2024 නොවැම්බර් 19 සිට 21 දක්වා කාලය තුළ ද චීන තානාපතිවරයා උතුර හා නැගෙනහිර පළාත්වල විවිධ පරිත්‍යාගයන් සිදුකළ බව කොළඹ චීන තානාපති කාර්යාලය ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ (නොවැ 21) නැගෙනහිර පළාතේ කලුවන්කේනි ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ චීන තානාපතිවරයා රු. මිලියන 04 ක පරිත්‍යාගයක් සිදුකර ඇත.

තානාපතිවරයා අඛණ්ඩව වසර කිහිපයක් නැඟෙනහිර පළාතේ ගම්මානයට පැමිණ, ගම්වාසීන්ට නිවාස ඉදිකිරීමට සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ආධාර කිරීම සඳහා විවිධ මුදල් පරිත්‍යාග කර තිබේ.

මීට පෙර, බදාදා (නොවැ 20) තානාපතිවරයා විසින් නැගෙනහිර පළාතට චීන රජයෙන් රුපියල් මිලියන 08ක් පරිත්‍යාගයක් සිදුකළේය.

චීන තානාපතිවරයා එදිනම උතුරු පළාතට රුපියල් මිලියන 12ක මුදල් පරිත්‍යාගයක් ද පිරිනැමූ බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, මෙම වසර සඳහා උතුරු හා නැගෙනහිර පළාත් වෙනුවෙන් චීන රජය විසින් නිවාස ඒකක, ධීවර දැල් සහ සහල් පරිත්‍යාග කර ඇති අතර එහි මුළු වටිනාකම රුපියල් බිලියන 1.5 ක් බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories