2025 ජූනි 22 ඉරිදා, 04:49
නවතම පුවත්

පාර්ලිමේන්තු කෑම වේලට කැකිරි, පිපිඤ්ඤා, – තරු පහේ හෝටල් කෑම නෑ -මහලේකම් කුෂානි රෝහණධීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉතා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වැනි ආහාර වේලක් ලබාදෙන්නේය යනුවෙන් සමාජයෙහි පැතිර ඇති මතය සම්පූර්ණයෙන්ම අසත්‍යය බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි.

“පාර්ලිමේන්තුවේ ආහාර වේල් ගැන කිව්වා. ඒ ආහාර වේල් ගැන කියනකොට මට පළමුවෙන්ම කියන්න තියෙන්නේ මේ සමාජගත වෙලා තියෙන හැම තොරතුරක්ම ඇත්ත ඒවා නෙවෙයි. ඒ කියන්නෙ මේ බොහෝම සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වගේ ආහාර වේලක් මේ සියලු දෙනාම ලබාගන්නවා කියලා හිතනවා නම් ඒක ඉතාම වැරදි මතයක්. විශේෂයෙන්ම මට ඉතාම නිර්භයව කියන්න පුළුවන් මේ කෝවිඩ් තත්වයත් එක්කම අපි ඒ වෙනතෙක් තිබුණු සරල රටාවටත් වඩා සරල රටාවකට හුරු වුණා. බොහෝ දේවල් නැතිව සාමාන්‍ය ආහාර වේලක් තමයි මේ මන්ත්‍රීවරුන්ට ලබලා දෙන්නේ. අපි ගෙවල්වල කනවා වගේ කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා වගේ එළවලුත් එක්ක මස් හෝ මාළු සමග ආහාර වේලක් ලබාදෙන්නෙ. ඒ වගේම මේ වියදම ගණනය කිරීමේදීත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවේ මුළු වියදම කිව්වාම මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය සඳහා දායක වෙන දෙපාර්තමේන්තු 09ක් පාර්ලිමේන්තුවේ තියෙනවා. කාර්ය මණ්ඩලය 950ක් පමණ සිටිනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් 300 – 400 ක් පමණ ඉන්නවා. ඊට අමතරව ජනාධිපතිතුමා වැනි විශේෂ අමුත්තන් සහභාගී වෙනවා නම් ඒ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ඒ දවස්වලට එනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන වෙනම ඒකක තිබෙනවා. ඒ හැරුණාම රජයේ ආයතනවලින් නිලධාරීන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට එනවා. රැස්වීම් දිනයක, කාර්යබහුල දිනයක 3000ක් පමණ පිරිසක් ඉන්නවා. නමුත් මේ අයට පාර්ලිමේන්තුවේ වියදමින් කන්න දෙනවා කියන කතන්දරයත් මම කැමතියි ප්‍රතික්ෂේප කරන්න.

පාර්ලිමේන්තුව තියෙන්නෙ දියවන්නාවෙන් වටවුණු තැනක. මෙතන ඇතුළට ආවාට පස්සෙ ඒ අයට පිටට ගිහින් කන්න විදියක් නෑ වැඩ ඔක්කොම නවත්තලා. මම මේ කියන්නෙ ජනතාව සාමාන්‍ය අහන්න කැමති නැති දේවල් ටිකක් – එතකොට මේ සියලු වියදම්, විදුලිය, ජලය, මේ සේරම එකතු කරලා 225න් බෙදන එක වැරදියි. දැන් මන්ත්‍රීවරුන්ට එල්ල කරන මේ චෝදනාවෙදී අපි නිලධාරීන් වශයෙන් කියා සිටිනවා ඇත්ත වශයෙන්ම ඒ චෝදනාව නම් වැරදියි කියන එක”

පාර්ලිමේන්තු මහලේකම්වරිය මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමිනි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories