2026 අගෝස්තු 01 සෙනසුරාදා, 02:32
නවතම පුවත්

තොණ්ඩමන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.

පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි සාමාජිකයන් සංඛ්‍යාව 22කි.කාංචන විජේසේකර,ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත, හරීන් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නි ආරච්චි,යන අමාත්‍යවරු ( කැබිනට් සාමාජිකයෝ) මෙසේ පරාජයට පත් වූහ.

කැබිනට් මණ්ඩලයේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටියේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර ඔහුගේ නම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පවා ඇතුළත්ව නොතිබිණ.

එවකට කැබිනට් මණ්ඩලයේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල ආචාර්ය විජයදාස රාජපක්ෂ ආචාර්ය බන්දුල ගුණවර්ධන ටිරාන් අලස් යන මහත්වරුද මහ මැතිවරණයට තරග නොකළහ.

පසුගිය අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ජයග්‍රහණය කර තිබුණේ චාමර සම්පත් දසනායක ඩීවී චානක ,අනුරාධ ජයරත්න ,කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් පමණි.

රංජිත් සියඹලා පිටිය, ලසන්ත අලගියවන්න ජානක වක්කුඹුර, ‌මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, රෝහණ දිසානායක, ඉන්දික අනුරුද්ධ, දිලුම් අමනුගම, සිරිපාල ගම්ලත් , ශාන්ත බණ්ඩාර ,කනක හේරත්, තේනුක විදානගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අරුන්දික ප්‍රනාන්දු ,තාරක බාලසූරිය, සෂීන්ද්‍ර රාජපක්ෂ, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර ,ඩී.බී හේරත්, ශිවනේශතුරේ චන්ද්‍රකාන්තන්( පිල්ලෙයාන්) අශෝක ප්‍රියන්ත, අරවින්ද කුමාර ,ප්‍රේමලාල් ජයසේකර ,අනූප පැස්කුවල් පරාජයට පත් වූ රාජ්‍ය අමාත්‍යවරු ( 24 ) වෙති.

රාජ්‍ය ඇමතිකම් දැරූ ලොහාන් රත්වත්තේ, සුරේන් රාගවන්, සීතා අරඹීපොළ ,ජගත් පුෂ්ප කුමාර ,එස් වියලේන්දිරන් සහ විජිත බේරුගොඩ යන මහත්ම මහත්මීහු මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූහ.
(ලංකාදීප)

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories