2026 ජූලි 31 සිකුරාදා, 01:59
නවතම පුවත්

ලංකාවේ දත්ත භාවිතය වැඩිවෙලා – පුද්ගලයෙකු ගේ මාසයක සාමාන්‍යය ගිගාබයිට් 15ක්

මෙරට සාමාන්‍ය පුද්ගලයකු මසකට ගිගාබයිට් 15ක පමණ දත්ත භාවිත කරන බවත් 2024 වසරේ පළමු මාස ​​නවය තුළ එය 11%කින් වැඩි වී ඇති බවත් පෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා ආයතනයක් වන Capital Alliance Limited පවසයි.

එම සමාගමේ අධ්‍යයනයකට අනුව පෙනීගොස් ඇත්තේ 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා දත්ත භාවිතය 11%කින් වර්ධනය වීමේදී බ්‍රෝඩ්බෑන්ඩ් භාවිතය 1%කින් පමණක් ඉහළ ගොස් ඇති බවයි.

එම නිසා ජනවාරි මාසයේ ගිගාබයිට් 13.4ක් ලෙස පැවති මසක සාමාන්‍ය දත්ත භාවිතය සැප්තැම්බර් මාසය අවසන් වන විට ගිගාබයිට් 14.9ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවද, Capital Alliance Limited පැවසුවේ තුන්වැනි කාර්තුව අවසානය වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් WhatsApp, Facebook සහ YouTube සක්‍රීයව භාවිත කරමින් රටේ ශක්තිමත් ඩිජිටල් ක්‍රියාකාරිත්වයට සම්බන්ධ වී ඇති බවයි.

WhatsApp ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාජ මාධ්‍ය වේදිකාව වන අතර එය ජනගහනයෙන් 63%ක් භාවිත කරන අතර ජනගහනයෙන් 60%ක් Facebook භාවිත කරන බවත් YouTube භාවිත කරන්නන් ප්‍රමාණය 58%ක් බවත් පෙනීගොස් ඇත.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) තුන්වැනි කාර්තුව සඳහා සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ 2024 තුන්වැනි කාර්තුව අවසන් වන විට ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් දායකත්වයන් මිලියන 20.4ක් වූ බවයි.

එම කොමිෂන් සභාවේ දත්ත ද පෙන්නුම් කළේ ටෙරාබයිට් 1.02ක මුළු දත්ත භාවිතයක් තුන්වැනි කාර්තුවේදී වාර්තා වී ඇති අතර එය වසරේ අනෙකුත් කාර්තු දෙක හා සසඳන විට ඉහළම අගය බවයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි තුන්වැනි කාර්තුවේ මූල්‍ය ප්‍රකාශයට අනුව ඔවුන් ජංගම මෙහෙයුම්වලින් එම කාර්තුවේදී රුපියල් බිලියන 32.4ක් උපයා ඇති අතර එය 2023 අදාළ කාලපරිච්ඡේදට සමග සැසඳීමේදී රුපියල් බිලියන 30.7ක වැඩිවීමකි.

මේ අතර එම කාර්තුවේදී භාරතී එයාර්ටෙල් ලංකා හි 100% කොටස් අත්පත් කරගත් Dialog Axiata PLC සමාගම 2024 තුන්වැනි කාර්තුව අවසන් වන විට ජංගම මෙහෙයුම්වලින් රුපියල් බිලියන 82.8ක ආදායමක් වාර්තා කළේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories