2025 ජූනි 22 ඉරිදා, 04:51
නවතම පුවත්

දිවයිනේ පාසල් රැසක ජංගම දුරකථන තහනම් කරයි

රජයේ පාසල් තුළ සමාජ මාධ්‍ය භාවිතය සීමාකිරීමට බලය පවරමින් සහ බල ගන්වමින් නිකුත් කරන ලද අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයෙන් පසුව සහ ඒ සඳහා මාපියන්ගේ ඉල්ලීම් අනුව, ගුරුවරුන් ස්මාර්ට්ෆෝන් පාසල් වෙත ගෙන ඒම තහනම් කිරීම, ගෙවුම් දුරකථන පාසල් තුළ ස්ථාපනය කිරීම හෝ අඩු සංකීර්ණ ජංගම දුරකථන සන්තකයේ තබා ගැනීමට අවසර දීම (යතුරු පුවරුව පමණක් ඇති) ඇතුළු විවිධ ක්‍රියාමාර්ග පාසල් විසින් ගනිමින් සිටින බව වාර්තා වේ.

“මේ වන විට කිසිම සිසුවෙකුට පාසලට දුරකථනයක් ගෙන ඒමට අවසර නැහැ, නමුත් අපි ඔවුන්ගේ දෙමාපියන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය දරුවන් සඳහා වෙනත් පහසුකම් ලබාදී තිබෙනවා” යැයි කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ප්‍රභාත් විතානගේ ‘ඩේලි මෝර්නින්’ වෙත පවසා ඇත.

කෙසේවෙතත් දෙමව්පියන්ගේ කනස්සල්ල හේතුවෙන්, දරුවකුට තම මාපියන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම්, මුර කුටියේ තබා ඇති පැරණි තාලයේ දුරකථනයෙන් එම දරුවන්ට ඇමතුමක් ලබාගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් විදුහල්පතිවරයා සඳහන් කර ඇත.

අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ නොවී සිසුන්ට තම දෙමාපියන් සම්බන්ධ කර ගැනීමට හැකි වන පරිදි පාසල් පරිශ්‍රයේ ගෙවුම් දුරකථන සවි කිරීමට පාසල සලකා බලමින් සිටින බව ද විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබේ.

මිට අමතරව දිවයිනේ තවත් පාසල් ගණනාවකම මෙලෙස ජංගම දුරකථන තහනම් කිරීම හෝ වෙනත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ‘ඩේලි මෝර්නින්’ සිදුකළ විමර්ශනයකදී හෙළිව තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය(Sri Lanka Computer Emergency Readiness Team) තහවුරු කර ඇත්තේ, මේ වසරේ සයිබර් හිරිහැර කිරීම් 2,000 ක් වාර්තා වී ඇති බවයි.

අධ්‍යාපනික අරමුණු සඳහා නිර්මාණය කර ඇති සමාජ මාධ්‍ය කණ්ඩායම් අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් පසුගියදා නිකුත් කෙරිණි.

පාසල් සමාජ මාධ්‍ය කණ්ඩායම්වල පරිපාලක ලෙස කටයුතු කරන ලෙස විදුහල්පතිවරුන්, නියෝජ්‍ය සහ උප විදුහල්පතිවරුන් සහ අංශ ප්‍රධානීන් වැනි අදාළ අධ්‍යාපන බලධාරීන්ට එම චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී ඇත.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories