2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:50
නවතම පුවත්

ජිවොන් සියදිවි නසාගත්තේ නැහැ – ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මියගිය සිසුවාගේ මව

කොළඹ ඇල්ටෙයාර් ගොඩනැගිල්ලේදී අභිරහස් ලෙස වැටී මිය ගිය අන්තර්ජාතික පාසලක 15 හැවිරිදි සිසුවා වන ජිවෝන් සෝරෝ සිං (Jivon Zoro Singh)ගේ ඛේදනීය මරණය සියදිවි නසාගැනීමක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් කණගාටුව පළකර තිබේ.

ඔහුගේ පවුලේ සාමාජිකයන් Daily Mirror පුවත්පත වෙත ප්‍රකාශ කර ඇත්තේ බොහෝ දෙනෙක් මෙම සිදුවීම සියදිවි නසාගැනීමක් ලෙස නම් කිරීමට ඉක්මන් වූ අතර මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

අන්තර්ජාතික පාසලක සිසුවෙකු වූ ජිවෝන් සහ ඔහුගේ මිතුරියක වන එම පාසලේම ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවියක කොළඹ ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් ඇද වැටී මියයෑමේ සිද්ධියට මාධ්‍ය මගින් ලැබුණු ප්‍රචාරය බොහෝ ආන්දෝලනයන් සහ අනුමාන කිරීම් ඇති කර තිබේ.

ජිවෝන්ගේ පවුලේ අය පවසන්නේ තම පුතාගේ මරණය සම්බන්ධයෙන් වැරදි තොරතුරු රාශියක් පැතිර ඇති බවයි.

ජිවෝන්ගේ පවුලේ අය ඔහුගේ සොඳුරු මතකයන් බෙදාගනිමින් ඔහුගේ අකල් වියෝව සඳහා හේතු වූ සිදුවීම් විස්තර කර ඇත.

“ජූලි 2 වැනි දින ඇල්ටෙයාර් සංකීර්ණයේදී ජිවෝන් ඛේදජනක ලෙස මිය ගියේ අන් අයට උපකාර කිරීමට ඇති ආශාව නිසයි. ජිවෝන්ගේ චරිත ස්වභාවය අනුව එදින උපකාර අවශ්‍ය වූ කෙනෙකුට උපකාර කිරීමට තීරණය කර තිබෙනවා” යනුවෙන් ඔවුන් ප්‍රකාශ කර ඇත.

අන් අය වෙනුවෙන් සිටීමට ඔහුගේ ඇති කැපවීම සහ කරුණාව නිසා ඔහුට ජීවිතය අහිමි වුවද ඔහුගේ පවුලේ අය වශයෙන් ඔහුගේ මරණය වටා ඇති අසත්‍ය තොරතුරු නිරාකරණය කිරීමට අවශ්‍ය බව ජිවෝන්ගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබේ.

නොසැලෙන ධනාත්මක බවකින් යුතු ඔහුගේ ගුණාංග සහ ඔහුගේ මතකය ආරක්ෂා කර ගැනීමට කැප වන බව ද ඔවුන් අවධාරණය කර ඇත.

“ඔහු ප්‍රශ්නවලින් තොර දරුවෙක්. ඔහු ජීවත් වීමට ප්‍රිය කළා,” යනුවෙන් ජිවෝන්ගේ මව සහ සහෝදරිය Daily Mirror පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

“මගේ පුතා ජීවයෙන් පිරී සිටියා. ජිවෝන්ට ඇදහිය නොහැකි හැකියාවන් සහ විශිෂ්ට ගුණාංග රාශියක් තිබුණා; ඔහු ස්වභාවයෙන්ම බුද්ධිමත්, උසස් ශ්‍රේණි ලැබූ ශිෂ්‍යයෙක්. එයා ඉන්න ඕනෑම තැනක් ආලෝකවත් කරන සිනහවක් ඔහුට තිබුණා” යැයි ඔවුන් ප්‍රකාශ කර ඇත

ජිවෝන් හිරිහැර කිරීම් ඇතුළු අභියෝගවලට මුහුණ දුන්න ද ඔහුට ඒවා විඳදරාගැනීමට හැකි වූ බවත් ඒවා ජය ගැනීමට සමත් සමත් වූ බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන විටත් පාසැලේදී මුහුණ දුන් හිරිහැර නොතකා අධ්‍යාපනයේ දස්කම් දැක්වීමට ඔහු සමත් වූ බවයි.

“ඔහුට ඉගැන්වීමට හෝ ඔහුගේ අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුට කිසිදු බලපෑමක් කිරීමට මට සිදුවුණේ නැහැ” ජිවෝන්ගේ මව පැවසුවාය.

“මගේ පුතා හිරිහැරයට ලක් වූ විට, ඔහු ඔහුගේ ගුරුවරුන් වෙත ගොස් උදව් ඉල්ලා සිටියා. ඔහුට මේ වසර වන තුරු පාසලේදී කිසි දිනෙක ප්‍රශ්න ඇති වුණේ නැහැ, ඔහුට අමිහිරි සිදුවීම්වලට මුහුණ දීමට සිදු වුණත් ඔහු ඒවාට මුහුණ දුන්නා.” යි ද මව ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් ඔහුගේ පවුලේ අය තවදුරටත් පාසල්වලින් ඉල්ලා සිටියේ නවකවදය සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි.

මීට අමතරව, ජිවෝන්ට ගෞරවය පිණිස අනුස්මරණයක් පවත්වන ලෙස කරන ලද ඉල්ලීම් පාසල නොසළකා හැරි ආකාරය ද ඔවුන් ලිපියක විස්තර කර ඇත.

“අපි ස්මාරකයක් ඉල්ලුවේ අපේ පුතාගේ නම නිදහස් කර ගන්න, අපි දැනගෙන හිටියා මේ සිදුවීම සියදිවි නසාගැනීමක් හැටියට මිනිස්සු ලේබල් කරන බව. අපේ පුතාගේ නම ආරක්ෂා කර ගැනීමට නිසි සහයෝගයක් ලබා දීමට ආයතනයක් ලෙස පාසල අසමත් වූ අවස්ථාවක් ලෙසයි මෙය අපට හැඟෙන්නේ, ” යනුවෙන් ජිවෝන්ගේ මව පැවසුවාය.

මාධ්‍ය විසින් මෙම සිද්ධිය සංවේදී නොවන ලෙස හසුරුවා ගැනීම ගැන ද ඔවුන් අදහස් පළකර තිබේ.

අසත්‍ය න්‍යායන් සහ ඇතැම් ආයතන විසින් වාරණය නොකළ පින්තූර ප්‍රකාශයට පත් කිරීම නිසා කටකතා ඉක්මණින් පැතිර ගිය අතර පදනම් විරහිත චෝදනා මගින් විමර්ශනයට හානි කළා පමණක් නොව සිය පවුලට ද බරපතළ හානි කළ බව ඔවුන් පෙන්වා දී තිබේ.

ජිවෝන්ගේ පවුලේ අය කියා සිටින්නේ ඔහුගේ මරණයට මොහොතකට පෙර ඇල්ටෙයාර් ගොඩනැගිල්ලේ ව්‍යායාම් ශාලාවේ ඡායාරූප කිහිපයක්ද යොමුකර ඔහුගේ මවට ඔහු සිටින ස්ථානය පෙන්වූ බවයි.

ඔහුගේ මරණයට පෙර WhatsApp වීඩියෝ ඇමතුමක් මගින් ඔහු පැවසුවේ “අම්මා මට විනාඩි කිහිපයක් දෙන්න, මම ගෙදර එනවා.” යැයි ඔහුගේ අවසන් වචන කිහිපය බව මව වන මෝනා සිහිපත් කළාය

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories