2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පසුගිය වසරේ චැනල් 4 වාර්තා චිත්‍රපටයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.අසාද් මවුලානා නමැත්තකු විසින් බ්‍රිතාන්‍ය නාලිකාවට කරන ලද ප්‍රකාශයන් පදනම් කර ගනිමින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට සංවිධානයක් ගොනුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකෙරේ.
වාර්තා චිත්‍රපටයේ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පිල්ලෙයාන් නොහොත් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.ඊයේ (11) පැවැති ජනමාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මේ බව තහවුරු කළේය.