2026 ජූලි 29 බදාදා, 18:51
නවතම පුවත්

ප්‍රබල සටනකින් නවසීලන්තය T20 තරගාවලිය සමකරයි

200 වැනි අන්තර්ජාතික පන්දුවාර විස්ස තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්වන්නට සිදුවිය.දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති එම තරගය වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට වඩා පැය භාගයක් ප්‍රමාද වී ආරම්භ විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වු ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ ඉනිම පන්දුවාර 19යි පන්දු 3 කදී ලකුණු 108 කට සීමාකිරීමට සමත් වු අතර, වනිඳු හසරංග කඩුලු 04ක් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 03 ක් බිඳහෙළීමට සමත් වූහ.අනතුරුව ලකුණු 109ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05 කදී කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 103ක් පමණි.

ඒ අනුව ලකුණු 05ක තියුණු ජයක් නවසීලන්තයට හිමිවූයේ තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය එකට එකක් ලෙස සමකරමිනි.හුදකලා සටනක නිරත වූ පැතුම් නිශ්ශංක ලකුණු 52කට දැවීගියේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ යොමුකළ ග්ලෙන් ෆිලිප්ස්ගේ පන්දුවක් හමුවේය.

එම පන්දුවාරය තුළ තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 08ක් අවශ්‍යව තිබූ අතර පැතුම්ට අමතරව මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දවාගනිමින් ෆිලිප්ස් නවසීලන්තයට නොසිතූ ජයක් හිමිකර දුන්නේය.ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදි ප්‍රබල පීඩනයක් එල්ල කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලුකි ෆර්ගසන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේ කුසල් පෙරේරා, කමිදු මෙන්ඩිස් සහ නායක චරිත් අසලංකගේ කඩුලු දවාගනිමිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories