2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:23
නවතම පුවත්

නීතිය සැමට සමානව ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති කියයි

දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

ඔහු පැවසුවේ වත්මන් රජය විසින් සියලු දෙනාට නීතිය එකලෙස ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවය.

යාපනය, චුන්නාකම් පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව පැවසීය.

“දැන් පවතින රජය සැමට නීතිය සමානව සලකන්න කියලා සහ සැමට නීතිය සමානව ක්‍රියාත්මක කරන්න කියලා මට දැනුම්දීලා තියෙනවා, මගෙන් සියලුම නිලධාරීන්ට දැනුම්දීලා තියෙනවා. මැතිවරණයෙන් පසුව සිදුවන අප්‍රසන්නතම කාලය තමයි පශ්චාත් මැතිවරණ සමය. අපි ඒකට කිව්වේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ කාලය කියලා. හැබැයි පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ එහෙම කිසිම සිදුවීමක් වුණේ නැහැ. අලුත් සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ බිහිවුණා. මේකට මම හිතන්නේ ප්‍රජාවත් ඒ වගේම පත්වෙච්ච රජයත්, අපිට දීපු උපදෙසුත්… ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන්න සමස්ත පොලීසියට ලැබුණු බලයත් නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න හම්බෙලා තියෙනවා.

නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් ඒක අපේ දුර්වලතාවයක්. ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයේ දුර්වලතාවයක්, ඒ ප්‍රධානීන්ගේ දුර්වලතාවයක්. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන්නට කිසිදු බලපෑමකින් තොරව අපිට හොඳ පරිසරයක් ලැබිලා තියෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories