වසීම් තාජුඩීන් , ලසන්ත වික්රමතුංග , ප්රදීප් එක්නැළිගොඩ අතුරුදන් කිරීම වැනි සාමකාමී පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය විමර්ශනය කර නීතිය හමුවට පමුණුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ ප්රකාශ කළේය.
දඹුල්ල ප්රදේශයේ පැවති මැතිවරණ ජනහමුවක් අමතමින් ඔහු කියාසිටියේ දේශපාලන අධිකාරිය විසින් අහිංසක මිනිසුන් ඝාතනය කරන යුගය සිය ආණ්ඩුව විසින් අවසන් කරන බවත්, සියලුදෙනාගේම ජීවිත එක හා සමානව වටිනා බවත්ය .
“දේශපාලන බලය පාවිච්චි කරලා කරපු මිනීමැරුම් යුගය අපි ඉවර කරනවා. හැමෝගෙම ජීවිත වටිනවා. වසිම් තාජුඩීන්,ලසන්ත වික්රමතුංග,එක්නැළිගොඩ අතුරුදන්කිරීම්වලට වගඋත්තරකරුවන් නැහැ. සියලු සිද්ධීන් ගැන සොයාබලා සාමකාමී මිනිසුන් ඝාතනය කළ අපරාධකරුවන් නීතිය හමුවට ගේනවා” යැයි පැවසූ ඔහු සෑම කෙනෙකුටම බියෙන් තොරව ජීවත් විය හැකි වාතාවරණයක් නිර්මාණය කරන බව පැවැසීය.”