2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:11
නවතම පුවත්

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි-20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළද
නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටුකිරීමට පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැත.නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

නවසීලන්තය වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වු ඉෂ් සෝදි සහ සැක් ෆෝක්ස් නවසීලන්තය ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.නවසීලන්තය වෙනුවෙන් ගොඩ නැගුණු ඉහළම සබදතාවය එය විය.ඒ අනුව නවසීලන්තයට පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27ක් රැස්කළ අතර සැක් ෆෝක්ස් නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 27කි.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ට කඩුලු 3ක් දවාගත් අතර නුවන් තුෂාර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ අතරේ කඩුලු දෙක බැගින් බෙඳී ගියේය.ලකුණු 136ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 140ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස්කළේය.

තරග දෙකකින් සමන්විත ව්ස්සයි-20 තරගාවලිය තරග 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.මේ අතර අද තරගයේදී කුසල් ජනිත් පේරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ව්ස්සයි-20 ලකුණු රැසකළ පිතිකරු බවට පත්විය.ඔහු අභිබවා ගියේ හිටපු නායක තිලකරත්ත ඩ්ල්ෂාන්ය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories