2026 මැයි 22 සිකුරාදා, 00:31
නවතම පුවත්

බදුල්ල මාරක අනතුරට හේතුව තිරිංග දෝෂයක්

මහියංගණ, අඹගහඔය ප්‍රදේශයේ දී පසුගියදා සිදුවූ මාරක බස් රථ අනතුරට සම්බන්ධ බස්රථය පරීක්ෂා කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරුන් වාර්තා කර ඇත්තේ, තිරිංග දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.ඔවුහු බ්‍රහස්පතින්දා (07) බදුල්ල පොලිස් ක්‍රීඩාංගණයේදී සුන්බුන් පරීක්ෂා කළහ.

ඔවුන් තිරිංග පද්ධතියේ කොටස් කිහිපයක් ගලවා නඩු භාණ්ඩ ලෙස පොලිසියට භාරදී තිබේ.මෙම අනතුරින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු මියගිය අතර ආචාර්යවරුන් දෙදෙනකු, ආරක්‍ෂක අංශ නිලධාරීන් දෙදෙනකු සහ රියදුරු ඇතුළු 39 දෙනකු බරපතළ තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් කිහිපදෙනකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේයඅනතුරට ලක්වූ එක් කථිකාචාර්යවරයෙකු සහ සිසුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ අනතුරට මොහොතකට පෙර තිරිංග පද්ධතිය ක්‍රියාත්මක නොවන බවට රියදුරු කෑගැසූ බවයි.

රියදුරු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ප්‍රකාශයක් ලබාදීමට හැකියාවක් නොමැති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.කෙසේවෙතත්, පොලිසිය පැවසුවේ යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්කර එම ස්ථානයෙන් පළායෑම සම්බන්ධයෙන් ඔහුට රුපියල් 50,000 ක දඩයක් නියම කර ඇති අතර ඔහුගේ රියදුරු බලපත්‍රය ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් විසින් අත්හිටුවා ඇති බවයි.

ඔහු තම රියදුරු බලපත්‍රය නැතිවී ඇති බව පවසමින් අසත්‍ය ප්‍රකාශයක් කර අලුත් රියැදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය විය.බස් රථයේ රියදුරු සහ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළේය.බදුල්ල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories