අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (07) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හමුවක් කැඳවා තිබිණි.
අමාත්‍යාංශය තුළ විද්‍යාව හා තාක්ෂණය භාවිතයේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය නංවාලීම සඳහා තොරතුරු තාක්ෂණ සේවාවන්හි පවතින ප්‍රගතිය පිළිබඳවද සමාලෝචනයක නිරත විය.