2026 ජූලි 31 සිකුරාදා, 22:08
නවතම පුවත්

එංගලන්තය පරදා කොදෙව්වෝ තරගාවලිය දිනති

සංචාරක එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගත්තේය.දෙරට අතර පැවැත් වුණු තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 08ක ජයක් කොදෙව්වෝ හිමිකර ගත්හ.

බ්‍රිජ්ටවුන් හිදී පැවැති තෙවැනි තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව්වන් පන්දුවට පහරදීම එංගලන්තයට ලබාදුන් අතර එංගලන්තය ලකුණු 263ක් ලබාගත්තේ පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 08ක් දැවී යෑමෙනි.එංගලන්තය වෙනුවෙන් පිල් සෝල්ට් ලකුණු 74ක් සහ ඩෑන් මවුස්ලි ලකුණු 57ක් ලබා ගනිමින් එංගලන්තය යම් ස්ථාවරත්වයකට ගෙනඒමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පන්දු යැවූ මැතිව් ෆෝඩ් කඩුලු 03ක් ද අල්සාරි ජෝසප් සහ ශෙපඩ් කඩුලු 02 බැගින් ලබා ගත්හ.බටහිර ඉන්දීය කොදෙව් ඉලක්කය වූ ලකුණු 264 ලබා ගැනීමට පැමිණි ආරම්භක පිතිකරු යුගලය එංගලන්තයට පහර පිට පහර දුන්නේ කිසිදු පැකිලීමකින් තොරවය.

කොදෙව් ආරම්භක පිතිකරු බ්‍රැන්ඩන් කින්ග් විශිෂ්ට ශතකයක් ලබා දැවී ගියේ ලකුණු 102ක් ලබා ගෙන තිබියදීය. කීසි කාටි ලකුණු 128ක් ලබා ගත්තේය.ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ඉලක්කය කරා යෑමට කොදෙව්වෝ සමත් වූහ. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ජය බටහිර ඉන්දිය කොදෙව්වන්ට හිමි විය. තරගයේ වීරයා සම්මානය බ්‍රැන්ඩන් කින්ට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය මැතිව් ෆෝඩ්ට හිමි විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories