2026 ජූලි 31 සිකුරාදා, 20:01
නවතම පුවත්

පිරමීඩ් මූල්‍ය ආයතනයක මහ මොළකරු අත්අඩංගුවට

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කරුවන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කර රටින් පලා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

සැකකරු සහ සැකකාරිණිය විසින් රුපියල් කෝටි 1000ක පමණ මුදලක් වංචා කර ඇති බව වාර්තා වේ.අද (08) අලුයම මොවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළේ දී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 189 දරන ගුවන් යානයෙන් පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ නමැති 52 හැවිරිදි අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මග හැර පලා ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

මොහු පිළිබඳ ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී කවුළු වෙත යාමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුය.

පසුව ඔහු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටි , එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ, මොහුගේ බිරිඳ, ගාල්ලේ වඩුගමගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර නමැති 42 හැවිරිදි කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.

“ජෙඩ්සීස් බිස්නස් ස්කූල්” නමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500කගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර කුරුණෑගල නගර මධ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර පැවතීම, එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් මිල දී ගෙන තිබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වාගෙන ගොස් ඇති බව අධිකරණ විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා අද උදෑසන කොළඹ, කොටුව මූල්‍ය සහ වාණිජ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව කොළඹ නාරාහේන්පිට නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය මගින් ද මොවුන්ට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බැවින්, එම කොට්ඨාසය වෙත ද මොවුන් යොමු කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories