2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:19
නවතම පුවත්

තැපැල් ඡන්දය අදින් අවසන්

මහ මැතිවරණ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (08) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.ඔක්තෝබර් 30, නොවැම්බර් 1 සහ 4 යන දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ සියලු ම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ට අද (08) දිනයේදී ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ඒ අනුව, රාජකාරි සිදුකරන ස්ථානයන්ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකළ කළ හැකිය.

මේ අතර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක ඡන්දදායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍යයට පැවසීය.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,314ක ඡන්ද විමසීම සිදුකරන බව ද ඡන්දය ගණන් කිරීම් කටයුතු සඳහා ශාලා 2,024ක් යොදා ඇති බව ඔහු කීවේය.

ඒ සඳහා අවශ්‍ය වන නිලධාරීන්, වාහන, උපකරණ සියල්ලක් ම මේ වන විට අදාළ දිස්ත්‍රික්ක වෙත ලබා දී අවසන් බව ත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සියලු දෙනාගෙන් සහයෝගය ඉල්ලා සිටින බව ත් රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories