2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:34
නවතම පුවත්

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි.

ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

තවදුරටත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දහිමියන් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී නොවැම්බර් 7 සහ 08 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සෑම ඡන්ද දායකයෙකුම එක් ඡන්දයක් ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ලබා දිය හැකි බව සඳහන්ය.

ඡන්දය ලබාදෙන දේශපාලන පක්ෂය හෝ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස්කොටුව තුළ කතිර ලකුණක් යෙදිය යුතුවේ.

ඉන් අනතුරුව එම පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් නාමයෝජනා ලබා දෙන ලද තුන්දෙනෙකුට නොවැඩි අපේක්ෂකයන් ගණනක් සඳහා මනාපය පළ කිරීමට ඡන්ද පත්‍රිකාවේ අග දැක්වෙන එක්එක් අපේක්ෂකයන්ට වෙන්කර දී ඇති අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත කතිර සලකුණක් යෙදීම සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර ඡන්දදායකයා විසින් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට ඡන්දය පළ කර ඇත්නම් හෝ පසුව හඳුනාගනු ලැබීමට හේතුවිය හැකි යම් ලකුණක් ඡන්ද පත්‍රිකාව මත තැබුවහොත් එම ඡන්දය බලරහිත වන බව සඳහන්ය.

එමෙන්ම ඡන්දය සහ මනාපය ලබා දී‍මේ දී කතිරය පමණක් භාවිතා කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories