2025 අගෝස්තු 16 සෙනසුරාදා, 08:20
නවතම පුවත්

ආණ්ඩුව – සුමන්තිරන් ඩීල් එකක ගම්මන්පිල චෝදනා කරයි

මහ මැතිවරණයෙන් පසු මීළඟ ආණ්ඩුවේ විදේශ ඇමැතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පත්කිරීමට ජනාධිපතිවරයා සහ රජය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟ ‘ඩීල්’එකක් දමා ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කරයි.

ඇමැති ධුරයක් දැරීමට සුමන්තිරන්ට ඇති අයිතියට තමන් ගරු කරන අතරම රජය එකඟ වී ඇතැයි වාර්තා වන කොන්දේසි දෙකක් සම්බන්ධයෙන් තමන් කණස්සල්ලට පත්වන බව ගම්මන්පිල සිය නිවේදනයේ සඳහන් කර ඇත.

“පළමු කොන්දේසිය නම්, ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කරමින් නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට රජය එකඟ වී තිබීමයි”,යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රවේශය රටේ ජනතාව වාර්ගික රේඛා ඔස්සේ බෙදීමේ බෙදුම්වාදී අවශ්‍යතා සමඟ පෙළගැසෙන බව ගම්මන්පිල සඳහන් කරයි.

දෙවැනි කොන්දේසිය යටතේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම 2015 වසරේ ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිළිගෙන ‘රණවිරු දඩයම’ ආරම්භ කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව ද ඔහු කියා සිටියි.

ඉතිහාසයේ කිසිම රජයක් තම පළමු මාසය තුළ දේශපාලන හිතවතුන් ආරක්ෂා කිරීමට මේ ආකාරයෙන් ක්‍රියා කර නැති බවත් මේ හැසිරීම ගැන විශේෂයෙන්ම සැළකිලිමත් විය යුත්තේ ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන වාර්තාවට සම්බන්ධ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඉවත් කරන ලෙස රජයට බලකරමින් මහජන පෙත්සමක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව ද ගම්මන්පිල වැඩිදුරටත් නිවේදනය කරයි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories