2026 ජූලි 29 බදාදා, 14:59
නවතම පුවත්

ඊශ්‍රායලය ‘අයන් ඩෝම්’ වෙනුවට ‘අයන් බීම්’ ගෙනෙයි

ඊශ්‍රායලය විසින් තම ගුවන් කලාපය ආරක්ෂා කිරීම වෙනුවෙන් නව මිසයිල ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කරමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘අයන් බීම්’ ලෙස නම්කර ඇති මෙම මිසයිල ආරක්ෂක පද්ධතිය වර්තමානයේ ඊශ්‍රායලය භාවිත කරන අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතියට වඩා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

අධිබලැති ලේසර් කිරණ භාවිත කරමින් ප්‍රහාර එල්ල කළ හැකි මෙම ආරක්ෂක පද්ධතිය මඟින් සතුරු මිසයිල, ගුවන් යානා, ඇතුළු ගුවනින් සිදුකරන ආක්‍රමණවලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

ඇමරිකානු ඩොලර් මිලියන 500කට වැඩි පිරිවැයක් දරමින් මෙම නව නිර්මාණය සිදුකරනු ලබන්නේ අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය නිර්මාණය කළ නිර්මාණකරුවන් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

වසරක් තුළ මෙම නව මිසයිල ආරක්ෂක පද්ධතිය හඳුනවාදීමට කටයුතු කරන බව පැවසූ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය, මෙය යුද්ධයේ නව යුගයක් බවයි පවසා සිටියේ.

මෙම නව මිසයිල ආරක්ෂක පද්ධතියට මීටර් සිය ගණනක සිට කිලෝමීටර් කිහිපයක් දක්වා ආලෝකයේ වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම යුද්ධයේ දී අයන් ඩෝම් මිසයිල ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීමට වැයවන පිරිවැයට වඩා අඩු පිරිවැයක් ‘අයන් බීම්’ මිසයිල ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දැරීමට සිදුවනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories