2026 අගෝස්තු 01 සෙනසුරාදා, 19:26
නවතම පුවත්

ඡන්ද කටේ තල් සංවර්ධන මණ්ඩලයට අලුතෙන් පත්වීම් දීලා !

මැතිවරණ නීතිවලට පටහැනිව යාපනයේ තල් සංවර්ධන මණ්ඩලයට සිදුකර තිබෙන පත්වීම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔක්තෝබර් 10 වැනි දින සෙල්වින් අයි. මාරියම්පිල්ලේ පත්කර ඇත.

ඉන් දින 12කට පසුව එනම් ඔක්තෝබර් 22 වැනි දින මාරියම්පිල්ලේ වෙනුවට විනයාගමූර්ති සහදේවන් පත්කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනට පනවා ඇති සීමාවන් නොතකා අධ්‍යක්ෂ මණ්ඩලයට නව සාමාජිකයන් කිහිපදෙනෙකු පත්කිරීම සහ නායකත්වය සම්බන්ධයෙන් සිදුකර ඇති වේගවත් වෙනස්කම් කැබිනට් ඇමැතිවරයා විසින් අනුමත කර ඇතැයි වාර්තා වන බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

මැතිවරණ නීති සහ සැප්තැම්බර් 25 වැනි දින නිකුත් කරන ලද මැතිවරණ කොමිෂන් සභාවේ නිල ගැසට් පත්‍රයට අනුව මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ව අනුමැතියකින් තොරව මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය ආයතනවලට නව පත්වීම්, උසස්වීම් හෝ ස්ථාන මාරුවීම් සිදු කිරීම තහනම් බව සඳහන් වේ.

තල් සංවර්ධන මණ්ඩලයේ මෑතකාලීන වෙනස්කම් මෙම නෛතික ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් බරපතළ කණස්සල්ලක් මතුකර තිබේ.

මෙම පත්වීම් මහජන විශ්වාසය පළුදු කරන බවත් මැතිවරණ ක්‍රියාවලියේ සාධාරණත්වයට අභියෝග කළ හැකි බවත් සඳහන් කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, මෙම පත්කිරීම් විමර්ශනය කර කඩිනමින් නිවැරදි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.

දේශපාලන පක්ෂග්‍රාහීත්වය හෝ රාජ්‍ය ආයතන කෙරෙහි අනිසි බලපෑම් පිළිබඳ අදහස් වළක්වා ගැනීම සඳහා මහ මැතිවරණය අවසන් වනතුරු රාජ්‍ය ආයතන සඳහා එවැනි පත්වීම් නතර කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය රජයෙන් ඉල්ලා සිටියි.

“විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා කැපවී සිටින බවත් තත්ත්වය අධීක්‍ෂණය කිරීම සහ රාජ්‍ය ආයතන තුළ සදාචාරාත්මක සහ නීතිමය මාර්ගෝපදේශ පිළිපැදීම වෙනුවෙන් පෙනී සිටින බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සිය නිවේදනය මගින් කියා සිටී .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories