2026 ජූලි 29 බදාදා, 23:52
නවතම පුවත්

මහින්ද යුග පුරුෂයෙක් – දිලිත් මහින්දගේ අගේ කියයි

වත්මන් ආණ්ඩුව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ඇති ආරක්ෂාව ඉවත්කරන්නේ, ඔහුට කෙනහිළිකම් කිරීම සඳහා බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.

දේශපාලන වෙනස්කම් තිබුණද මහින්ද රාජපක්ෂ යනු අමතක කළ නොහැකි යුග පුරුෂයෙක් බවද හෙතෙම සඳහන් කළේය.

දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේ,කඳාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී හෙතෙම මෙසේද පැවැසීය.

“මහින්ද රාජපක්ෂ මහතාව කිසිදිනක අපට අමතක කරන්න බෑ. අපේ දේශපාලන ආඛ්‍යානය කුමක් වුවත් ඔහුව අමතක කරන්නට බැහැ. ඔහු යුග පුරුෂයෙක්. ඒ නිසා ඔහුගේ ආරක්ෂාව අයින් කරනවා නම්, ඒ ආරක්ෂාව ඉවත් කරන්නේ නිකන්ම නිකන් කුහකකම නිසාවත්, සාමාන්‍යයෙන් ඔවුන්ට තියෙන ඊර්සියාව නිසාවත් එහෙම නැතුව වෙනත් ව්‍යාපෘතියකටත් වඩා මේ රජය රට යුද්ධයෙන් බේරාගත් මහින්ද රාජපක්ෂ කියන නායකයාට තියෙන විරුද්ධත්වය නිසයි.

මම ඔවුන්ට මතක් කර දෙන්නට ඕනේ, 2008 අයවැයේ දී ඔවුන් අයවැය පරාජය කරන්නට හැදුවා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න. ඇයි ඒ… යුද්ධයේ අවසාන දින කිහිපයේ දී ඔවුන්ට ඕන වුණේ යුද්ධය නවත්වන්න. මොකද ඒ ඩොලර් සහජීවනය සඳහා. NGO සහජීවනය සඳහා. නැතුව මේ රටේ ද්‍රවිඩ මිනිස්සුන්ට ඇති ආදරයවත් මේ රටේ අනෙකුත් ජාතීන්ට ඇති ආදරයවත් මේ කිසිදෙයක් නිසා නෙමෙයි. අද මම දකිනවා විවිධ වේදිකාවල Ambulance එකත් ගන්නවා. ඒ මනුස්සයාගේ හැරමිටියත් ගන්නවා. මේක ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමක් නෙමෙයි. මේක මේ රටේ යුද්ධය අවසන් කරපු මහින්ද මහත්තයාට කරන කෙනෙහිලි වැඩක් මිසක් වෙන දෙයක් නෙමෙයි.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories