2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:32
නවතම පුවත්

හොර නම්බර් ප්ලේට් ගහපු ලොහාන්ගේ තවත් ජීප් එකක් දිගනින් හොයාගනියි

ලොහාන් රත්වත්තේ විසින් භාවිත කරන ලැදැයි කියන ව්‍යාජ අංක තහඩු යෙදූ රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් තෙල්දෙණිය පොලිසිය විසින් දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයට අයත් නිවසක තිබී පෙරේදා (31) පස්වරුවේ සොයාගෙන තිබේ.

පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ තිබී සොයාගත් මෙම වාහනයේ සවිකර තිබූ අංක තහඩුව සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එය මහනුවර පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් රතු පැහැති ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකට අයත් එකක් බවයි.

එම ජිප් රථයේ අංකය භාවිත කරමින් මෙම ජීප් රථය ධාවනය කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් මිරිහාන පොලිස් වසමේ ඇඹුල්දෙණිය ශාලාව පාරේ පිහිටි තෙමහල් නිවසක ගරාජයේ තිබී පසුගිය 26 දින සුඛෝපභෝගි වාහනයක් සොයාගත් අතර එම සිද්ධියට අදාළව ඔහු මේ වනවිට නොවැම්බර් මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

දිගන ප්‍රදේශයෙන් සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත ජිප් රථය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories